Saturday, June 18, 2011

THEATRE

ලංකාවේ වේදිකා නාට්‍ය කලාවට ඉතා දිගු මෙන්ම හොඳ ඉතිහාසයක් තිබේ. කලින් කලට මෙරටේ බිහි වූ නාට්‍යකරුවෝ තම දක්ෂතාව මනාව විදහාපාමින්, දේශීයත්වයත් ආරක්ෂා කරගනිමින් අලූත් අත්හදාබැලීම්ද සිදුකරමින් තම නාට්‍ය කලාවේ නියැලූනහ. එම පරම්පරාවේ ආභාෂය ලැබූ වර්තමාන නාට්‍ය පරම්පරාවක්ද අප රට සතුව පවතී. මෑත ඉතිහාසය තුළ ලංකාවේ අනෙක් කලාවන්ට මෙන්ම වේදිකා නාට්‍යයටද ලබා තිබුණේ එතරම් යහපත් කාලයක් නොවේ. එහෙත් දැන් එය වෙනස්වී ඇත. තරුණ නාට්‍යකරුවන් මෙන්ම ප‍්‍රවීණ නාට්‍ය කරුවන්ද තම වේදිකා නාට්‍ය වේදිකා ගතකරමින් සිටී. මේ කරුණු කෙසේ වෙතත් තවමත් ලංකාව තුළ වේදිකා නාට්‍ය රසවිඳීමේ සංස්කෘතියක් බිහිව නැති බව නම් ඇස් පනාපිට පෙනෙනන්ට තිබෙන සත්‍යයකි.
© Banuka Nimna Amarasinghe

No comments:

Post a Comment